MyFlix

Genre: Tamil

Watch count: 69

Play

Kombuseevi (2025) Sinhala Subtitles | “ ජාවාරම්කාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ

කොම්බුසීවි කියන්නේ ෂන්මුග පාණ්ඩියන් විජයකාන්ත්, ආර්. සරත්කුමාර් සහ නවක නිළි තාර්නිකා රංගනයෙන් දායක වන පොන්රාම් විසින් අධ්‍යක්ෂණය කර රචනය කරන ලද ඉන්දියානු දෙමළ භාෂා මැර කල්ලි ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයකි.කොම්බුසීවි 2025 දෙසැම්බර් 19 වන දින සිනමාහල්වල නිකුත් කරන ලදී. මේ ෆිල්ම් එක පටන් ගන්නේ අන්ඩපට්ටි අසල තියන පුංචි ගමකින්.මේ ගමේ රොක්කාපුලි නම් ප්‍රචණ්ඩ හා ගංජා ජාවාරම්කාරයෙක් වන මොහුව ගමේ අය දේවත්වයෙන් සලකනවා.ඒ සාදාරණව ඔහු තමන්ගේ ජනතාවට පිහිට වෙන නිසා.වයිගායි ගගේ වේල්ලක් ඉදිකිරීම නිසා ඔහුගේ ගමෙන් සහ ජීවනෝපායෙන් බලහතකාරයෙන් නෙරපා හැරීම නිසා මේ ජීවිතය තෝරා ගන්නවා.මේ අතරෙදී නිවරදි ආදායම් මාර්ගයත්,ණය බර නිසා පාණ්ඩිගේ පියා දිවි නසා ගන්නවා.ටික කාලෙකින් පාණ්ඩිගේ මවත් මිය යනවා.පාණ්ඩි අනාත උනත් රොක්කා පුලි ඔහුව බලා ගන්නවා.පාණ්ඩි තමන්ගේ පවුලේ එකම කෙනා විදිහට රොක්කාපුලිට සලකමින් ඔහුගේ වැඩ කටයුතුවලට උදව් කරමින් ජීවත් වෙනවා. මේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි.දුෂ්කර ජීවිතයක් ගෙවන මොවුන්ට කිනම් ඉරණමක් අත් වෙයිද යන්න කුතුහලය ඉතිරි කරමින් අදට සමු ගන්නවා.හැමෝටම සුබ දවසක්………

Comments (0)

No comments yet.

Post a comment