MyFlix

Genre: English

Watch count: 50

Play

The Get Out (2026) Sinhala Subtitles | “ වැරදුන මිනීමැරුම ” | සිංහල උපසිරැසි සමඟ

මේ අවුරුද්දේ නිකුත් වුණු The Get Out කියන්නේ කුතුහලය පිරුණු, Action සහ Thriller කැටගරි එකේ ෆිල්ම් එකක්. විශේෂත්වය වෙන්නේ මේකේ Russell Crowe, Aaron Paul වගේම Nina Dobrev වගේ අපි කවුරුත් දන්න සුපිරි නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වෙන එකයි. මාකෝ කපාක් (Russell Crowe) කියන්නේ නයිට් ක්ලබ් එකක් අයිතිකරගෙන ඉන්න කෙනෙක්. අපරාධ පිරුණු තමන්ගේ අඳුරු අතීතයෙන් අයින් වෙලා, තමන්ගේ තරුණ පෙම්වතියත් (Teresa Palmer) එක්ක නිදහසේ විශ්‍රාම ජීවිතයක් ගත කරන්නයි එයාට ඕනේ. හැබැයි දවසක් එයාගේ සල්ලි වගයක් කොල්ලකෑමකට ලක්වෙනවා. ඒ විතරක් නෙවෙයි, දරුණු පාතාල කල්ලිවලිනුත් එයාගේ ක්ලබ් එකටයි ජීවිතේටයි ලොකු තර්ජන එන්න පටන් ගන්නවා. මේ හැමදේකින්ම බේරිලා, එයාගේ සල්ලිත් අරගෙන එයා කොහොමද පැනගන්නේ කියන එක තමයි ෆිල්ම් එකෙන් දිගහැරෙන්නේ. අධ්‍යක්ෂණය: Derrick Borte ප්‍රධාන නළු නිළියන්: Russell Crowe, Teresa Palmer, Aaron Paul, Nina Dobrev, Luke Evans ධාවන කාලය: පැය 01 විනාඩි 41යි. Thomas Perry ගේ ‘Strip’ කියන නවකතාව ඇසුරින් නිර්මාණය කරලා තියෙන මේ ෆිල්ම් එක, පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්.

Comments (0)

No comments yet.

Post a comment