“ජන නායකන්” කියන්නේ තම මිතුරාගේ දුවව හදා වඩා ගෙන හිටපු “පොලිස් උප පරීක්ෂක” නිලධාරියෙක් වෙන “තලපති වෙට්‍රි කොන්ඩන්”ගේ කතාව. පොඩි කාලයේ ඇතිවෙච්ච මානසික තුවාල නිසා බයෙන් ජීවත් වෙන “විජි”ට, එයාගේ දෙමව්පියන්ගේ හීනය අනුව “ඉන්දීය හමුදාවට” එකතුවෙන්න වෙට්‍රි ධෛර්යය, සහයෝගය ලබාදෙනවා. ඒත් විජිගේ ජීවිතයට ඇතුල්වෙන්නේ හිටපු පොලිස් නිලධාරියෙක් වෙන “ජෝන් හිම්ලර්”. දැන් එයා බලවත් අපරාධ ජාලයක්, දූෂිත දේශපාලනඥයන් එක්ක එකතුවෙලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බිඳ දාන්න සැලසුම් කරනවා. වෙට්‍රිගේ අතීතයත්, හිම්ලර් එක්ක තිබුණු පරණ ගැටුමත් ආපහු මතු වෙද්දී, විජිගේ ආරක්ෂාවයි රටේ අනාගතයයි වෙනුවෙන් වෙට්‍රි තවත් වරක් සටනට පිවිසෙනවා.
No comments yet.