‘The Devil’ කියන නම ඇහුවම තේරෙනවා වගේම, මේකේ දර්ශන්ගේ චරිතය සාමාන්‍ය අහිංසක හීරෝ කෙනෙක්ගේ චරිතයක් නම් නෙවෙයි. ටිකක් අඳුරු, ඒ වගේම දරුණු ගතිගුණ තියෙන (Dark/Grey shaded) චරිතයක් තමයි එයා මේකේ කරන්නේ. තමන්ගේ සතුරන්ට කිසිම අනුකම්පාවක් නැතුව දඬුවම් කරන, පට්ට ගැම්මක් තියෙන චරිතයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ලොකු Action සීන්, ගැම්මට කියන Punch Dialogues සහ හීරෝව උස්සලා පෙන්නන (Hero Elevation) සීන් වලින් නම් මේ ෆිල්ම් එකේ කිසිම අඩුවක් නෑ. දර්ශන්ගේ Screen Presence එක සහ එයාගේ Action ස්ටයිල් එක ෆිල්ම් එක පුරාවටම උපරිමයෙන්ම බලාගන්න පුළුවන්. අජනීශ් ලෝක්නාත්ගේ පසුබිම් සංගීතය නිසා සාමාන්‍ය Action සීන් එකක් වුණත් වෙනම ලෙවල් එකකට ඉස්සිලා පේනවා. ඔයා KGF, Salaar වගේ High-voltage Action ෆිල්ම් වලට කැමති කෙනෙක් නම්, මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
No comments yet.