කෝල් රීඩ් (Cole Reed) කියන්නේ හිටපු බ්‍රිතාන්‍ය නාවික හමුදා කොමාන්ඩෝ භටයෙක් වගේම ලන්ඩන් පොලිසියේ විශේෂ අවි අංශයේ සේවය කළ අති දක්ෂ නිලධාරියෙක්. තමන්ව බේරාගන්න ගොස් තමන්ගේ පියාට ජීවිතය අහිමි වීමේ අවාසනාවන්ත සිදුවීමත් එක්ක එයා ඒ රැකියාවෙන් අයින් වෙලා, කෝටිපතියෙක් වෙන තමන්ගේ බොස්ගේ ආරක්ෂකයා විදියට සේවය කරනවා. කිසිම කරදරයක් නැතුව ගෙවිලා ගිය කෝල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්නේ, එයාගේ ඇස් ඉස්සරහාම එයාගේ කෝටිපති බොස්ව කිසියම් පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමත් එක්කයි. හැබැයි වැඩේ කියන්නේ මේ මිනීමැරුමේ සම්පූර්ණ වරද පැටවෙන්නේ කෝල්ගේ පිටටයි. තමන් නොකරපු අපරාධයකට පොලිසියෙන් වගේම මුළු ලෝකයක්ම තමන්ව දඩයම් කරන්න පටන් ගනිද්දී, කෝල්ට සිද්ධ වෙනවා එතනින් පැනලා ගිහින් හැංගෙන්න. ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත කුමන්ත්‍රණයක් සහ භයානක මිනිස් ජාවාරමක් පිටුපස තියෙන ඇත්ත කතාව වගේම, තමන්ව කොටු කරපු නියම අපරාධකාරයන්ව හොයාගෙන කෝල් රීඩ් යන මේ ත්‍රාසජනක ගමන කොහොම කෙළවර වෙයිද? තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න කෝල්ට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද
No comments yet.