මේ කතාව සිද්ධ වෙන්නේ 1977 අවුරුද්දේ Detroit නගරයේ. John Miller කියන්නේ වියට්නාම් යුද්ධයට ගිහින් ආපු, ෆැක්ටරි එකක වැඩ කරන කෙනෙක්. එයා තමන්ගේ පෙම්වතිය වෙන Sophia ව, ඇයගේ දරුණු පරණ පෙම්වතා වෙන පාතාල නායක Reynolds ගෙන් බේරගන්නවා. මේකට තරහ යන Reynolds, දූෂිත පොලිස් නිලධාරියෙක්ට සල්ලි දීලා John ගේ වාහනේට මත්ද්‍රව්‍ය දාලා එයාව බොරුවට අල්ලලා දෙනවා. කිසිම වරදක් නොකරපු John ට අවුරුදු 25ක හිර දඬුවමක් හම්බවෙනවා. John හිරේ ඉන්න කාලේ, Reynolds බලහත්කාරයෙන් වගේ Sophia ව ආපහු එයා ළඟට ගන්නවා. කතාවේ නියම Action පටන් ගන්නේ John ගේ පරණ යුධ හමුදා යාළුවෝ ටිකක් එකතු වෙලා එයාව හිරෙන් පන්නගන්න ප්ලෑන් කරන තැනින්. John ටොෆි (hard candy) වලින් හදාගත්ත ආයුධයකින් ගාඩ් කෙනෙකුට ඇනලා, හිරෙන් පැනලා අර පාතාල නායකයාගෙන් පළිගන්න එක තමයි කතාවේ තියෙන්නේ.
No comments yet.