MyFlix

Genre: Tamil

Watch count: 12

Play

DC (2026) Sinhala Subtitles | “ දාස් සහ චන්ද්‍රා ” | සිංහල උපසිරැසි සමඟ

“ඩී.සී. (දාස් ඇන්ඩ් චන්ද්‍රා)” කියන්නේ නීතියෙන් යුක්තිය ලැබුණෙ නැති මිනිස්සු වෙනුවෙන් තමන්ගේම ආකාරයෙන් යුක්තිය ඉටු කරන අපරාධකරුවෙක් වෙන “දේව්දාස්” ගේ කතාව. දේව්දාස් එයාගේ අම්මගේ ඝාතනයට පළිගත්තට පස්සේ එයාගේ පවුලෙන් ඈත් වෙලා අපරාධ ලෝකයට පිවිසෙනවා. පස්සේ කුඩා කණ්ඩායමක් එක්ක ජීවත් වෙලා දුප්පත් සහ අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ට උදව් කරනවා. පොලිස් ආයුධ කොල්ලකෑමකට පස්සේ දේව්දාස්ගේ කණ්ඩායම පොලිසියේ ඉලක්කයක් විදියට පත්වෙනවා. ඒ වගේම දූෂිත පොලිස් නිලධාරියෙක් අහිංසක ගොවියෙක් ඝාතනය කරනවත් එක්ක දේව්දාස් එයාට එරෙහිව සටන් කරනවා. ඒ වගේම දේව්දාස්ට “පාර්වතී” කියන ගායිකාවක් හමුවෙලා එයා එක්ක ප්‍රේමයක් ඇති වෙනවා. ඒත් පොලිස් ප්‍රහාරයකදී පාර්වතී මැරෙනවත් එක්ක දේව්දාස්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඊටපස්සේ එයාට “චන්ද්‍රා” කියන අපයෝජනයට සහ සූරාකෑමට ලක්වුණු කාන්තාවක් හම්බවෙනවා. එයාව දකිනකොට පාර්වතිව මතක්වෙච්ච නිසා දේව්දාස් එයාව ඒ තැනෙන් බේරගෙන එයාගේ කණ්ඩායමට එකතු කරගන්නවා. චන්ද්‍රා දේව්දාස් එක්ක එකතුවෙලා පොලිසියටයි තමන්ගේ අතීතයට එරෙහිවයි සටන් කරනවා වගේම, දෙන්නා අතර ඇතිවෙන බැඳීම ප්‍රේමයක් විදියට පත්වෙනවා.

Comments (0)

No comments yet.

Post a comment