ජී.ඩී.එන්. කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් වුණු ජී. ඩී. නායිඩු මහත්මයාගේ ජීවිත කතාව පාදක කරගත්තු ෆිල්ම් එකක්. සාමාන්‍ය හෝටල් සේවකයෙක් විදියට ජීවිතේ පටන් ගන්න නායිඩු, තමන්ගේ දැනුම, කුතුහලය සහ නිර්මාණශීලීත්වය නිසා ක්‍රමයෙන් නව නිපැයුම් ලෝකයට පිවිසෙනවා. ඉන්දියාවේ පළවෙනි විදුලි මෝටරය හදන එක ඇතුළුව, එයාගේ ගොඩක් නිර්මාණ නිසා එයා “ඉන්දියාවේ එඩිසන්” කියලා ප්‍රසිද්ධ වෙනවා. හැබැයි එයාගේ ගමන එච්චර ලේසි නෑ. එයාගේ අලුත් අදහස්, ජාත්‍යන්තර සම්බන්ධතා සහ කර්මාන්ත කටයුතු නිසා බලධාරීන්ගෙන් විරෝධයයි, ප්‍රශ්නෙයි එනවා.ඉතින් මේ චිත්‍රපටය කියන්නේ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන්, තමන්ගේ කාලයට වඩා ඉස්සරහින් හිතන මිනිහෙක් බලවත් අය එක්ක කරන සටන ගැන.
No comments yet.