Paw Patrol කණ්ඩායම බෝට්ටුවක ගිනි ගැනීමකින් පවුලක් බේරගන්න ගිහින් ලොකු කුණාටුවකට අහුවෙනවා. ඊටපස්සේ මෙයාලා ගිහින් වැටෙන්නේ ඩයිනෝසරයන් ඉන්න අපූරු දූපතකට. එහේදි මෙයාලට රෙක්ස් (Rex) කියලා රෝද පුටුවක ඉන්න හුරුබුහුටි බලු පැටියෙක් හම්බෙනවා. රෙක්ස්ට ඩයිනෝසරයන් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ වගේම කණ්ඩායමේ ඉන්න මාෂල්ට (Marshall) රුබාබ් (Rhubarb) කියලා පොඩි T-Rex ඩයිනෝසර පැටියෙක්ව යාළු වෙනවා. මේ අතරේ හිරෙන් නිදහස් වෙලා එන මේයර් හම්ඩින්ගර් (Mayor Humdinger) මේ “Dino Island” දූපතේ තියෙන දියමන්ති නිධානයක් ගැන දැනගන්නවා. එයා තව නරක මිනිස්සු දෙන්නෙක් (Harper Cutlass සහ Alistair Stonewall) එක්ක එකතු වෙලා දියමන්ති ගන්න ඩයිනමයිට් පාවිච්චි කරනවා. මේ මෝඩ වැඩේ නිසා දූපතේ තියෙන ගිනි කන්දක් පුපුරන්න ගන්නවා. ඊටපස්සේ ඉතින් රයිඩර් (Ryder) සහ එයාගේ කණ්ඩායම ඩයිනෝසරයන් එක්කත් එකතු වෙලා මේ ගිනි කන්දේ ලාවා වලින් හැමෝම බේරගන්න කරන මෙහෙයුම තමයි මුළු ෆිල්ම් එකේම තියෙන්නේ. මාෂල් සහ රුබාබ් එකතු වෙලා වතුර පාරක් යොමු කරලා තමයි ලාවා එන එක නවත්තන්නේ. අන්තිමේදී නරක අයට දඬුවම් විදිහට ඩයිනෝසරයන්ගේ ජරාව සුද්ද කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම රෙක්ස්ව Paw Patrol කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් කරගන්නවා වගේම, මාෂල් සහ රුබාබ් වීරයන් බවට පත්වෙනවා.
No comments yet.