ඇලෙක්ස් නෝර්ත් (Alex North) ගේ මේ නමින්ම තියෙන ජනප්‍රිය නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජේම්ස් ඈෂ්ක්‍රොෆ්ට් (James Ashcroft) විසින්. ඒ වගේම Robert De Niro, Michelle Monaghan සහ Adam Scott වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙනවා. කතාව යන්නේ මෙහෙමයි: චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ 2026 අවුරුද්දේ අමන්ඩා බෙක් කියන රහස් පරීක්ෂකවරිය අතුරුදන් වුණු ළමයෙක් හොයන්න ගිහින් වෙනත් ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්න තැනින්. මේ මරණය සිදුකරලා තියෙන විදිය හරියටම 1990 ගණන්වල හිටපු ‘ෆ්‍රෑන්ක් කාටර්’ එහෙමත් නැත්නම් “The Whisper Man” කියන දාම ඝාතකයාගේ (serial killer) වැඩක් වගේමයි. ෆ්‍රෑන්ක් කියන්නේ ළමයින්ව ඝාතනය කරන්න කලින් ඒ අයගේ කනට කොඳුරලා බය කරපු කෙනෙක්. කොහොම වුණත් මේ පරණ මිනීමරුවාව අල්ලගත්තේ පීට් විලිස් කියන රහස් පරීක්ෂකවරයා. ඇමැන්ඩා මේ අලුත් කේස් එකට පීට්ගේ උදව් ඉල්ලුවත් ඔහු ඒකට කැමති වෙන්නේ නැහැ. මේ සිදුවීම් මාලාව අතරේ ටොම් කෙනඩි කියන ලේඛකයා තමන්ගේ බිරිඳගේ මරණයෙන් පස්සේ පුංචි පුතා ‘ජේක්’ එක්ක අලුත් නගරයකට එනවා අලුත් ජීවිතයක් පටන් ගන්න. හැබැයි මේ පුංචි ජේක්ට අමුතු මනඃකල්පිත යාළුවෙක් ඉන්නවා. දවසක් රෑ ජේක් අර Whisper Man ගේ කවියක් කියනවා ටොම්ට ඇහෙනවා. ඒත් එක්කම ගෙදර දොරේ ලියුම් දාන සිදුරෙන් කවුදෝ අතක් දානවා ටොම් දකිනවා. දේවල් තවත් භයානක වෙන්නේ ගෙදර බිම්මහලේ හැංගිලා හිටපු කෙනෙක්වත් ටොම්ට හම්බවුණාට පස්සෙයි. කතාවේ උපරිමයට යන්නේ පුංචි ජේක්ව කවුරුහරි පැහැරගත්තට පස්සේ. කිසිම කරකියාගන්න දෙයක් නැති වුණු ටොම් අන්තිමේදී තමන්ගේ පියා වෙන රහස් පරීක්ෂක පීට්ගේ උදව් ඉල්ලනවා
No comments yet.